මැදපෙරදිගට අද ගුවන් වාර 8ක්..

මැදපෙරදිගට අද ගුවන් වාර 8ක්..ශ්‍රී ලංකන් යානයක් රියාද් බලා පියාසර කරයි

by Staff writer 05-03-2026 | 9:29 AM

COLOMBO (News 1st) - මැදපෙරදිග කලාපය සඳහා අද (05) ගුවන් ගමන්වාර 8 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ෆ්ලයි ඩුබායි ගුවන් ගමන්වාර 3 ක්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඩුබායි දක්වා හා සෞදි ආරාබියාවේ රියාද් දක්වා ගුවන් ගමන්වාරයක් බැගින්,

ෆිට්ඒ එයාර්, එමිරේට්ස් හා සලාම් එයාර් ගුවන් සේවාවල ඩුබායි දක්වා ගුවන් වාරය බැගින්ද ගමන් කිරීමට නියමිත බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දමින්ද රඹුක්වැල්ල පැවසුවේ ය.

සලාම් එයාර් ගුවන් සේවය මගින් සතියට ගමන් වාර 6 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන ලදි.

මේ අතර මැදපෙරදිග ගැටුම් හේතුවෙන් පසුගිය මස 28 වැනිදා සිට ඊයේ (04) දිනය දක්වා එම කලාපයේ ගමන්වාර 288 ක් අවලංගු කර ඇත.