.webp)
-611466.jpg)
COLOMBO (News 1st) - 2026 වසරේ පළමු මාසයේදි පමණක් අල්ලස් ලබා ගැනිම් සම්බන්ධ පැමිණිලි 630 ක් ලැබී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.
ජනවාරි මාසයේදී පමණක් අල්ලස් වැරදි සම්බන්ධයෙන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එම කොමිසම වැඩිදුරටත් පැවසුවේ ය.
ඉන් තුන්දෙනෙකු දේශපාලන නියෝජිතයින්.
එමෙන්ම අල්ලස් හෝ දුෂණ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය නිලදාරින් 7 දෙනෙකුට ජනවාරි මාසයෙදි නඩු පැවරිම් සිදු කර ඇති බවත් එම කොමිසම සඳහන් කළේ ය.
ඒ අනුව නඩු පැවරිම් තුළින් එම මාසයේදී ලබා ගෙන ඇති රාජ්‍ය ආදායම හාර ලක්ෂ 37 420 ක්.
