.webp)
-611532.jpg)
COLOMBO (News 1st) - ප්‍රශ්නගත ගල් අගුරු ආනයනය සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා කෝප් කමිටු නිලදාරින් අද (06) නොරොච්චෝලේ බලාගාරයේ නිරීක්ෂණයක් සිදු කිරිමට නියමිතව තිබේ.
පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ සහභාගීත්වයෙන් එම නිරීක්ෂණ කටයුතු අද සිදු කරන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර පවසන ලදි.
එහිදි නොරෝච්චොලේ බලාගාරය සඳහා ගල් අගුරු ආනයන ක්‍රියාවලිය පිළිබඳව මුලුමනින් අධ්‍යනයක් සිදු කර ඒ සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට කටයුතු කරන බව ඔහු පැවසුවේ ය.
