දැරියක් අපහරණය කළ විත්තිකරුවකුට මරණ දඬුවම

12 හැවිරිදි දැරියක් අපහරණය කර ඝාතනය කළ විත්තිකරුවෙකුට මරණීය දණ්ඩයනය..

by Staff writer 07-03-2026 | 5:37 PM

COLOMBO(News1st) - 12 හැවිරිදි දැරියක් අපහරණය කර ඝාතනය කළ විත්තිකරුවෙකුට මරණීය දණ්ඩයනය..

එසේ මරණීය දණ්ඩනය නියම වුණේ 2008.12.04 අම්බලන්ගොඩ, තල්ගස්ගොඩ, සුදු වැල්ල ප්‍රදේශයේදී 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් අපහරණයට ලක් කොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැදිකරුවූ පුද්ගලයෙකුටයි.

විත්තිකරුට එරෙහිව චෝදනා 2ක් යටතේ මෙම නඩු පවරා තිබූ අතර, පළමු චෝදනාව වූ අපහරණය යටතේ නියම කළ දඩමුදල රු. 25000ක්.

ඊට අමතරව වසර 5ක අනිවාර්ය බරපතල වැඩ සහිතව සිර දඬුවමක් හා මනුෂ්‍ය ඝාතනය කිරීම යටතේ මරණීය දණ්ඩනය නියම කරන කෙරිණි.

2008 වසරේ හයවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් පාසලේ ක්‍රීඩා උත්සවයට ගොස් නැවත නිවසට එන අතරතුර පැහැරගෙන ගොස්  අපහරණය කර පොල්ලකින් ගසා ඝාතනය කොට ළිඳකට දැමීම සම්බන්ධයෙන් එම නඩුව පවරා තිබුණි