.webp)
-612009.jpg)
ඒ පිලිපීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, බැනෝස් හි පිහිටි ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණයකට එක් වූ අවස්ථාවේදීයි.
එහිදී ශ්‍රී ලංකාවේ වී වගාව සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් පවතින සහයෝගිතාව ශක්තිමත් කරගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍යවරිය හා බැනෝස් හි ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් යොන් පින්ටෝ හමු වූ අවස්ථාවේදීයි.
ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ ගෝලීය අත්දැකීම් ශ්‍රී ලංකාව සමග හුවමාරු කර ගැනීමට ද මෙහිදී එකඟතාව පළ වී ඇතැයි සඳහන්.
ශ්‍රී ලංකාවේ වී අස්වැන්න ඉහළ දැමීමට හා ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණය සහ පර්යේෂණ දායකත්වය ලබාදීම පිළිබඳවද මෙහිදී සකච්ඡා කළ කරුණු අතරට ඇතුළත් ය.
