.webp)
-612948.jpg)
කර්මාන්ත හිමියන් පෙන්වා දෙන්නේ තම කර්මාන්ත ක්‍රියාත්මක කිරීමට මේ වනවිට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණවත් නොවන බවයි.
එම කර්මාන්තවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය මේ වනවිට ඛනිජතෙල් නීතිගත සංස්ථාවට යොමු කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිහ සඳහන් කළේය.
කර්මාන්තකරුවන් 2300 දෙනෙකු පමණ මේ වනවිට ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වැඩිකර දෙන ලෙස කර්මාන්ත අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර තිබේ.
මේ අතර කුඩා කර්මාන්තවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය, අදාළ කර්මාන්තය පිහිටි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගත හැකි ලෙස පහසුකම් සපයා තිබේ.
