පොහොර සමාගම් සතු පොහොරවලින් 68%ක් රජයට

පොහොර සමාගම් සතු පොහොරවලින් 68%ක් රජය වෙත ලබාදීමට එකඟ වෙයි..

by Staff writer 30-03-2026 | 8:23 AM

COLOMBO(News1st) - පොහොර සමාගම් සතු පොහොරවලින් 68%ක් රජය වෙත ලබාදීමට එකඟවී ඇතැයි නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ යටතේ අදාළ සමාගම් සතු යූරියා පොහොර මිටියක් රුපියල්, 9,500 කාටද රජයේ පොහොර සමාගම සතු යුරියා පොහොර මිටියක් රුපියල් 9,200 කට මිලදී ගන්නා බවයි.

පොහොර සඳහා ගොවීන්ට හෙක්ටයාර් 2කට රුපියල් පනස් දහසක් ලබා දෙන බවත් වී වගාකරන ඉඩම්වල අතුරු භෝග වගා කරන ගොවීන්ට හෙක්ටයාර 2ක් සඳහා රුපියල් 3,000ලබා දෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.