මරණය අභියසින් පැනගිය වීරයෝ!

හාම්පුතුන් සොයා අධිවේගී මාර්ගයක් දිගේ 17kmක් ඇවිද ගිය ලෝකයම කතා වෙන බව්වන්ගේ කතාව...

by Chathurika Jayasundara 25-03-2026 | 6:12 PM

COLOMBO (News 1st) - වාහන ගොඩක් එහා මෙහා යන පාරක බව්වෝ 7ක්, මොකද මේ කරන්නේ කියලා හිතුනා නේද?

එහෙම හිතුණට ඇත්තටම කතාව ඒක නෙවෙයි...

නීති විරෝධී සුනඛ මස් වෙළඳාමට සොරකම් කරපු බව්වො 7 දෙනෙක්, ජීවිතයත් මරණයත් අතර තත්වයකින් බේරිලා ආපහු තමන්ගේ ගෙවල් තියෙන ගම හොයන් ආපු මේ කතාව මේ වෙද්දි මුලු ලෝකයම පුදුම කරලා තියෙනවා.

චීනයෙන් වාර්තා වෙන මේ කතාවට අනුව මේ බව්වෝ අධිවේගී මාර්ගයේ ගමන් ගත් ට්‍රක් රථයකින් පැනලා තමයි මේ ගමන ඇවිත් තියෙන්නේ  

හරියට කෑමක් බීමක්වත් නැතුව, කිලෝමීටර් 17ක දුරක් ගෙවාගෙන මේ 7 දෙනා එකම කණ්ඩායමක් විදිහට, වෙන් වෙන්නෙ නැතුව ආපහු එයාලගේ ආදරණීය  ගෙවල් හොයාගෙන ඇවිත්.

දන්නවද හොඳම කතාව මොකද්ද කියලා, මෙතන එක බව්වෙක්ට තුවාල වෙලා, ඇවිදින්න අපහසුවකුත් තිබිලා තියෙනවා.

එයාවත් අරක්ශා කරගෙන තමයි එයාලා එන්නෙ. ඒ ගමන මැදදිත් එයාලා එක්කෙනෙක්ට එක්කෙනෙක් අතහැරියේ නැහැ.

මේක බව්වො හත්දෙනෙක්ගේ නිකම්ම නිකන් කතාවක් නෙවෙයි,

මේක එකිනෙකා අත්හැරන්නේ නැති විශ්වාසය, භය සහ දුක මැදත් නවතින්නේ නැති ධෛර්ය ගැන කියන සත්‍ය කතාවක්.