.webp)

එලෙස සිරදඩුවම් නියම වූයේ 2009 සැප්තැම්බර් මස දෙවැනිදා ලද ලිඛිත පැමිණිල්ලකට අනුව, ඉදිරිපත් කල චෝදනා සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ වැරදිකරු වූ හපුතලේ කම්කරු කාර්යාලයේ, කම්කරු නිලධාරියෙකුටයි.
අදාළ පුද්ගලයාට එරෙහිව ඉදිරිපත්වූ චෝදනා තුන සම්බන්ධයෙන්ම ඔහු වරදකරු වන බව මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් එහිදී තීන්දු කරනු ලැබීය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ, එක් එක් චෝදනාව සඳහා එකවර ගෙවී යන සේ වසර 06 බැගින් සිර දඬුවම් සහ එක් එක් චෝදනාවට රුපියල් 5,000 බැගින් වූ දඩ මුදල් මෙන්ම අල්ලස් ලෙස ලබාගත් රුපියල් 15,000ක මුදලට සමානව අමතර දණ්ඩන මුදලක්ද නියම කල බවයි.
