.webp)
-614138.jpg)
ඒ ඇමරිකාවේ සැන් ඩියාගෝ අසළ පැසිෆික් සාගරය මතටයි.
පැයට සැතපුම් 20ක වේගයෙන් එම කැප්සුලය සාගරය මතට පතිත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නාසා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, ඉතා අවම ගුරුත්ය බලයන් යටතේ දින 9ක කාලයක් අභ්‍යාවකාශයේ රැඳී සිටි ගගනගාමීන් සිව්දෙනාට සාගරය මත පතිත වීම අසාමාන්‍ය සහ වෙනස් වූ අත්දැකීමක් බවයි.
කැප්සූලය සාගරය මත පතිත වූ පසු මෙහෙයුමේ ප්‍රධානී, කමාන්ඩර් රීඩ් විස්මන් තම කණ්ඩායම සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කර තිබේ.
කැප්සූලය නාවික යාත්‍රා මගින් ගොඩබිමට රැගෙන ඒමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ගගනගාමීන් සිව්දෙනා ඉවතට ගැනීම ඉන්පසුව සිදු කරනු ඇති..
Artemis II මෙහෙයුම යනු දශක පහකට පසු මිනිසුන් සඳ වෙත ගෙන ගිය තීරණාත්මක පියවරක් ලෙස හැඳින්විය හැකියි.
1972 වසරේ ඇපලෝ මෙහෙයුම්වලින් පසු මිනිසුන් සඳ අසළට ගිය පළමු ගමන ලෙස මෙය ඉතිහාසගත වේ.
පසුගිය අප්‍රේල් 01 වැනිදා ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ආටෙමිස් II මෙහෙයුම ආරම්භ විය.
මෙම මෙහෙයුමේදී ගගනගාමීන් කිසිදු ස්ථානයක ගොඩබැසීමක් සිදු නොකළ නමුත්, ඉදිරි Artemis III,
එනම් සඳ මත මිනිසුන් ගොඩබැස්වීමේ මෙහෙයුම සඳහා අවශ්‍ය වන වැදගත් පරීක්ෂණ රැසක් සිදු කර තිබෙනවා.
මේ අතර Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය සඳුදා නව වාර්තාවක් පිහිට වූවා.
ඒ පෘථිවියේ සිට කිලෝමීටර හාරලක්ෂ හයදහස් හත්සිය හැත්තෑ දෙකක වැඩිම දුරක් ගමන් කළ මිනිසුන් කණ්ඩායම බවට පත්වෙමින්..
මීට පෙර අදාළ වාර්තාව හිමි වුයේ 1970 වසරේදී කිලෝමීටර හාරලක්ෂ එකසිය හැත්තෑ එකක දුරක් වාර්තා කල ඇපලෝ 13 මෙහෙයුමේ ගගනගාමීන් කණ්ඩායමටයි.
මෙම ගමන අතරතුර සඳෙහි මෙන්ම පෘථිවියේද සේයා රූ රැසක් ගගනගාමීන් පෘථිවියට එවා තිබුණි.
ඉකුත් බදාදා දිනයේ පෘථීවියේ සිටින මාධ්‍යවේදීන් සමග ගගනගාමීන් සිව්දෙනා සම්මුඛ සාකච්ඡාවකට එක්විය.
එහිදී යානයේ නියමු වික්ටර් ග්ලෝවර් පවසා තිබුණේ , සිය කණ්ඩායම විසින් සඳෙහි ඈත අනන්තය සම්බන්ධයෙන් එක්රැස් කරගත් දත්ත හා ඡායාරූපවලින් කොටසක් දැනටමත් පෘථිවිය හා බෙදා හදා ගෙන ඇතත්, හොඳම කොටස ලෝකයාට ලබා දීමට හැකි වෙන්නේ සිය කණ්ඩායම පෘථිවියට පැමිණිමෙන් පසුව බවයි..
