ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් 5ක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් පස් දෙනෙකු මට්ටක්කුලියේදී අත්අඩංගුවට

by Staff writer 26-04-2026 | 9:46 PM

COLOMBO(News1st) - මට්ටක්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස්, ගෙල සිරකර දියේ ගිල්වා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.

පසුගිය 22 වැනිදා මට්ටක්කුලියේදී සිදුව ඇති එම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරුවන් 23ත් 36ත් අතර වයස්වල පසුවන කොළඹ 15 සහ පුත්තලම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

ඝාතනයට හේතුව සොයා විමර්ෂණ ක්‍රියාත්මකයි.