මත්ද්‍රව්‍ය තොගයක් අද වනාතවිල්ලුවේදී විනාශ කෙරේ

නඩු කටයුතු අවසන් මත්ද්‍රව්‍ය තොගයක් අද වනාතවිල්ලුවේදී විනාශ කෙරේ - පොලීසිය

by Staff writer 27-04-2026 | 7:53 AM

COLOMBO (News 1st) - නඩු කටයුතු අවසන්වූ මත්ද්‍රව්‍ය තොගයක් අද (27) පුත්තලම වනාතවිල්ලුවේදී විනාශ කෙරෙන බව, පොලීසිය පවසයි.

එලෙස විනාශ කෙරෙන්නේ, සිදුකළ වැටලීම්වලදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයට ගෙන, බලපිටිය සහ හලාවත අධිකරණවල විභාග වූ නඩු කටයුතු අවසන් කළ මත්ද්‍රව්‍ය තොගයකි.

ඒ අනුව හොරොයින් කිලෝග්‍රෑම් 22 ග්‍රෑම් 888 ක් , කෝකේන් කිලෝග්‍රෑම් 33 ග්‍රෑම් 172 ක් සහ ගංජා කිලෝග්‍රෑම් 247 ග්‍රෑම් 940 ක් අද පෙරවරු 09.00 ට  වනාතවිල්ලුව ලක්ටෝවත්ත දහන උදුනේදී විනාශ කෙරෙනු ඇති.