විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් දැනුම් දීමක්...

විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සඳහා වන ප්‍රවේශ අත්පොත අද මැදියම් රැයේ නිකුත් කෙරේ..

by Staff writer 27-04-2026 | 7:40 AM

COLOMBO (News 1st) - විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සඳහා වන ප්‍රවේශ අත්පොත අද (27) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 176,527 ක්.

2025 උසස් පෙළ සඳහා අපේක්ෂකයින් 281,810 දෙනෙකු ඉදිරිපත් විය.