.webp)
-615113.jpg)
COLOMBO (News 1st) - සාමයේ දූපතට - සාමයේ පා ගමන නිදහස් චතුරශ්‍රයට ළඟා විය.
රාජ්‍ය උත්සවය පස්වරුවේ නිදහස් චතුරස්‍රෙය්දී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
එහිදී ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ වියට්නාමයේ පූජ්‍ය පංඤ්ඤාකර හිමි ඇතුළු මහා සංඝරත්නයට භාර දීමට නියමිතයි.
රාජ්‍ය උත්සවය අවසන් වීමෙන් අනතුරුව සාමයේ පාගමන නිදහස් චතුරස්රයේ සිට සිරස මාධ්‍ය ජාලයේ මූලස්ථාන පරිශ්‍රය ඔස්සේ ගංගාරාමය විහාරස්ථානයට පැමිණීමට නියමිතයි.
