.webp)

2017 වසරෙන් පසු ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ සිදුකළ ප්‍රථම නිල සංචාරය සනිටුහන් කරමින්, ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ඓතිහාසික ද්විපාර්ශ්වික එකඟතාවන් රැසක් ඇති කරගෙන තිබේ. ඇමෙරිකානු කම්කරුවන්, ගොවීන් සහ කර්මාන්තකරුවන් ඉලක්ක කරගනිමින්, දෙරටේ ආර්ථික ස්ථාවරත්වය සහ සාධාරණත්වය සුරැකෙන පරිදි මෙම එකඟතාවලට පැමිණි බව ධවල මන්දිරය නිවේදනය කරයි.
මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුවෙන් පසු, එළඹෙන සරත් සෘතුවේ දී චීන ජනාධිපති ෂී ජින්පින් හට වොෂින්ටන් නුවර නිල සංචාරයක නිරත වන ලෙස ජනාධිපති ට්‍රම්ප් ආරාධනා කර තිබේ. එමෙන්ම, මේ වසර අගදී පැවැත්වීමට නියමිත G20 සහ APEC රාජ්‍ය නායක සමුළුවල සත්කාරකත්වය සඳහා දෙරටේම අන්‍යෝන්‍ය සහයෝගය ලබාදීමට ද නායකයෝ එකඟ වූහ.
දිගුකාලීන ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම උදෙසා නව රාජ්‍ය තාන්ත්‍රික ආයතන දෙකක් පිහිටුවීමට දෙරටේ නායකයින් පියවර ගෙන ඇත:
01. එක්සත් ජනපද - චීන වෙළඳ මණ්ඩලය (U.S.-China Board of Trade):
සංවේදී නොවන පාරිභෝගික සහ කාර්මික භාණ්ඩ ද්විපාර්ශ්විකව කළමනාකරණය කිරීම මෙහි අරමුණයි.
02. එක්සත් ජනපද - චීන ආයෝජන මණ්ඩලය (U.S.-China Board of Investment):
ආයෝජන සම්බන්ධ ගැටලු සාකච්ඡා කර විසඳා ගැනීම සඳහා රාජ්‍ය මට්ටමේ වේදිකාවක් ලෙස මෙය ක්‍රියාත්මක වේ
ඇමරිකානු නිෂ්පාදන ක්ෂේත්රයට දැවැන්ත සවියක්: බෝයිං යාත්‍රා 200ක් චීනයට
ඇමරිකානු නිෂ්පාදන කර්මාන්තයට ඉහළ ආදායමක් සහ රැකියා උත්පාදනයක් ගෙන දෙමින්, ඇමරිකාවේ නිෂ්පාදිත ‘බෝයිං’ (Boeing) ගුවන් යානා 200ක් මිලදී ගැනීමට චීනය එකඟ වී ඇත. මෙය 2017 වසරෙන් පසු බෝයිං සමාගම වෙත චීනයෙන් ලැබුණු පළමු දැවැන්ත ඇණවුම වීම විශේෂත්වයකි.
කෘෂිකාර්මික නිෂ්පාදන:
2025 ඔක්තෝබර් මාසයේදී ඇති කරගත් සෝයා බෝංචි සම්බන්ධ ගිවිසුම්වලට අමතරව, 2026, 2027 සහ 2028 වසරවලදී වාර්ෂිකව අවම වශයෙන් *ඇමරිකානු ඩොලර් බිලියන 17ක් වටිනා කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගැනීමට* චීනය එකඟ වී ඇත.
ගව මස් සහ කුකුළු මස් අපනයනය:
මීට පෙර පනවා තිබූ තහනම් ඉවත් කරමින් ඇමරිකානු ගව මස් නිෂ්පාදනාගාර 400කට වැඩි ප්‍රමාණයකට චීන වෙළඳපොළ නැවත විවෘත කර ඇත. එමෙන්ම, කුරුළු උණ වෛරසයෙන් තොර බව තහවුරු කළ ඇමරිකානු ප්‍රාන්තවලින් කුකුළු මස් ආනයනය ද නැවත ආරම්භ කිරීමට චීනය පියවර ගෙන තිබේ.
දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය සැපයුම සුරක්ෂිත කිරීම
නූතන තාක්ෂණික කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය වන යිට්‍රියම් (yttrium), ස්කැන්ඩියම් (scandium), නියෝඩියමියම් (neodymium) සහ ඉන්ඩියම් (indium) වැනි දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය සැපයුමේ පවතින හිඟයන් මඟහරවා ගැනීමට සහ ඒ ආශ්රිත තාක්ෂණික උපකරණ වෙළඳාමේ පවතින සීමාවන් ඉවත් කිරීමට චීනය එකඟතාව පළ කර ඇත.
ජාත්‍යන්තර ආරක්ෂාව සහ දේශපාලන ස්ථාවරත්වය
ආර්ථික කරුණුවලට අමතරව, ගෝලීය ආරක්ෂාව සම්බන්ධයෙන් ද නායකයින් වැදගත් තීන්දු කිහිපයකට එළඹුණි:
> උතුරු කොරියාව සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් කිරීමේ පොදු අරමුණ වෙනුවෙන් කැපවීම.
> ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවි ලබා ගැනීමට ඉඩ නොදීම.
> හොර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වහාම විවෘත කිරීමට කැඳවුම් කිරීම සහ කිසිදු රටකට හෝ සංවිධානයකට ජාත්‍යන්තර මුහුදු මාර්ගවලින් බදු (tolls) අය කිරීමට ඉඩ නොදීම.
මෙම එකඟතාවන් හරහා ඇමරිකානු ආර්ථිකය ඉහළ නැංවීමට මෙන්ම ගෝලීය වෙළඳ ක්ෂේත්රයේ ස්ථාවරත්වයක් ඇති කිරීමට ජනාධිපති ට්‍රම්ප් සමත්ව ඇති බව දේශපාලන විචාරකයෝ පවසති..
වැඩිදුර වාර්තා සඳහා පිවිසෙන්න...
