.webp)

COLOMBO (News 1st) - ඉන්ධන මිල අද සිට ඉහළ දමන බව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 24 කින් ය.
එහි නව මිල, රුපියල් 434 කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 25 කින් ඉහළ දැමීමත් සමග එහි මිල රුපියල් 495 ක් දක්වා ඉහළ ගියේ ය.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දැමුණි.
එහි නව මිල, රුපියල් 407 කි.
සුපර් ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 20 කින් ය.
එහි නව මිල රුපියල් 478 ක් ලෙස දැක්වෙයි.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 285 ක් දක්වා ඉහළ ගියේ, රුපියල් 20 කින් මිල වැඩි කිරීමත් සමගයි.
