.webp)
-617191.jpg)
ඊයේ(30) රාත්‍රියේත් විශාල පිරිසක් රංගිරි දඹුලු පුදබිමට පැමිණ තිබේ.
සිරසා නමාමී සිරස වෙසක් කලාපයේදී , දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාමා රජමහා විහාරස්ථානයේ සිට වැඩම කරවූ සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු ධාතූන් වහන්සේ වැදපුදා ගැනීමට අවස්ථාව හිමිවෙයි.
බුදුරාජණන් වහන්සේගේ පිරිනිවන් මංචකයෙන් ලබාගත් අංගාර ධාතූන් වහන්සේ, ශ්‍රී සර්වඥ කේෂ ධාතුන් වහන්සේ, ශ්‍රී සර්වඥ අස්ථි ධාතූන් වහන්සේ සහ සැරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවක ධාතූන් වහන්සේ ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ, ඒ අතරට ඇතුළත් වේ.
සිරසා නමාමි - සිරස වෙසක් කලාපයේ ආනන්ද තෙරුන්ගේ කතා පුවත ඇතුළත් තොරණ ද, ප්‍රදර්ශනය කෙරේ.
ධර්ම දේශනා, දන්සැල්, තොරණ, පහන් කූඩු, සැදැහැ ගී ඇතුලු වැඩසටහන් රැසකින්, සිරසා නමාමි වෙසක් කලාපය සමන්විතයි.
සිරසා නමාමී සිරස වෙසක් කලාපයට සමගාමීව පිංසාර හිතින් සතිමත්ව නිවෙන්න යන තේමාව මුල් කරගනිමින් අද දවස පුරා වැඩසටහන් රැසක් විකාශය කෙරුණි.
ඒ, රංගිරි දඹුළු රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ය.
සතිමත්ව නිවෙමු වැඩසටහන පැවැත්වුණේ පුජ්‍ය කුට්ටිකුලමේ ප්රේමාලංකාර හිමිගේ වැඩමවීමෙනි.
පසුව සිරසාභිවන්දනා වැඩසටහන පැවැත්වුණි. ඒ, පූජ්‍ය තිස්සමහාරාමයේ සුමනධම්ම හිමිගේ වැඩමවීමෙන් ය.
පොතුහැර සංඝ පරම්පරාවේ පූර්වාචාරීන් වහන්සේලා උදෙසා කෘතගුණ දක්වමින් පූර්වාචාරීන් සිව් නමකගේ ප්‍රතිමා නිරාවරණය අද පෙරවරුවේ සිදුකෙරුණි.
ඒ, රංගිරි දඹුල්ල රජ මහා විහාර භාරකාර ශාස්ත්‍රපති පූජ්‍ය දඩුබැඳිරුප්පේ මහින්ද හිමියන්ගේ මූලිකත්වයෙන්.
එම අවස්ථාවට සිරස TV ආගමික වැඩසටහන් අධ්යක්ෂ ධර්ම ශ්‍රී ඒකනායක සහ සිරස TV මහජන සබඳතා අධ්යක්ෂ ප්‍රියන්ත විජේසිංහ ද එක්ව සිටියහ.
පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ වැඩමවීමෙන් විචිත්‍ර ධර්ම දේශනාවක් පැවැත්වුණේ, අද පස්වරුවේයී.
