සූර්ය පැනල අදත් ක්‍රියාවිරහිත කරන්නැයි ඉල්ලීමක්

සූර්ය පැනල අදත් ක්‍රියාවිරහිත කරන්නැයි ඉල්ලීමක්

by Staff writer 31-05-2026 | 7:43 AM

COLOMBO (News 1st) - නිවාසවල වහල මත සවි කර ඇති සූර්ය පැනල, අද උදෑසන 8 සිට පස්වරු 3:00 දක්වා ක්‍රියාවිරහිත කරන්නැයි ජාතික පද්ධති ක්‍රියාකර පෞද්ගලික සමාගම ඉල්ලීමක් කරයි.

ඒ, ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීය හා ස්ථාවර ක්‍රියාකාරිත්වය සහතික කිරීම වෙනුවෙන් ය.

එම සමාගම පැවසුවේ, ඊයේ සහ අද, නිවාඩු දින වීම නිසා, විදුලි ඉල්ලුම පහළ ගොස් ඇති බවයි.

පද්ධතිය අස්ථාවර වීම හේතුවෙන් ඊයේ දිනයේත්, ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයුම තාවකාලිකව විසන්ධි කෙරිණ.