ඩොලර් මිලියන 695ක IMF ණය වාරික මෙරටට ලැබේ..

IMF මෙරටට අනුමත කළ 06 සහ 07 වැනි ණය වාරිකවලට අදාළ ඩොලර් මිලියන 695ක මුදල මෙරට සංචිතවලට බැර කෙරේ - මුදල් නියෝජ්‍ය අමාත්‍ය

by Staff writer 03-06-2026 | 7:53 AM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට අනුමත කළ හය සහ හත් වැනි වාරික වලට අදාළ ඩොලර් මිලියන 695 ක මුදල මෙරටට ලැබී තිබේ.

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පැවසුවේ, එම මුදල මෙරට විදේශ සංචිත වලට බැර කර ඇති බවයි.