විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද ඇරඹේ...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද ඇරඹේ...

by Staff writer 08-06-2026 | 9:28 AM

COLOMBO (News 1st) - විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද (08) ආරම්භ වන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 14 , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 72 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි.

මෙම වැඩසටහන අද, හෙට සහ අනිද්දා ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ ය.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 36,168 දෙනෙකු වාර්තා වේ.

ඩෙංගු රෝගය හේතුවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 20 ක්.