ගම්පහ ප්‍රදේශ රැසකට අද පැය 19ක ජල කප්පාදුවක්...

ගම්පහ ප්‍රදේශ රැසකට අද පැය 19ක ජල කප්පාදුවක්....

by Staff writer 16-06-2026 | 6:57 AM

COLOMBO (News 1st) - අද (16) පෙරවරු 8 සිට හෙට (17) පෙරවරු 3 දක්වා පැය 19ක කාලයක් ගම්පහ ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ ඒ අනුව මිනුවන්ගොඩ , අස්ගිරිය , උඩුගම්පොල,  ඕපාත සහ ඒ අවට ප්‍රදේශ, ගම්පහ මහ නගර සභා බල ප්‍රදේශය , ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ,වැලිවේරිය, බැලුම්මහර, රත්පස්වල හා ඒ අවට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.

ඊට අමතරව මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මාහරගම , සිවුරලුමුල්ල , කිරිකිත්ත ,කිනිගම ,
ඇටිකෙහෙල්ගල්ල සහ ඒ අවට ප්‍රදේශවලටද ජල කප්පාදුව සිදුවන බව සඳහන්.

රන්පොකුණ ගම නිවාස යෝජනා ක්‍රමය ඌරාපොළ, අත්තනගල්ල, බටලීය, වතුපිටිවල ඒ අවට ප්‍රදේශ සහ නිට්ටඹුව, වේයන්ගොඩ, කලගෙඩිහේන , තිහාරිය , නයිවල හා ඒ අවට ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පැවසුවේය.

අත්තනගල්ල, කරස්නාගල ජල පිරිපහදු ඒකකයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ.