ළමා අපයෝජනයකට සැක 3ක් රිමාන්ඩ්

16 හැවිරිදි පාසල් සිසුවෙකු ලිංගික අපයෝජනය කිරීමේ සිදුවීමකට සැකකරුවන් 3ක් රිමාන්ඩ්

by Staff writer 16-06-2026 | 6:11 PM

COLOMBO(News1st) - 16 හැවිරිදි පාසල් සිසුවෙකු පමුණුගම උස්වැටකෙයියාව හෝටලයක දී ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔවුන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

අදාළ පාසල් සිසුවා අන්තර්ජාලය මගින් දැන හඳුනාගත් 45 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය 12 වැනිදා සිසුවා උස්වැටකෙයියාව හෝටලයකට රැගෙන ගොස් ඔහු ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන වැලිසර  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර

පාසල් සිසුවෙකු හෝටලයකට රැගෙන ඒමට අධාර අනුබල දීම සම්බන්ධයෙන් හෝටලයේ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් දෙදෙනා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පාසල් සිසුවා ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන තවත් සැකකරුවෙකු සොයා පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.