.webp)

ඒ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ, ඉකුත් අරගල සමයේ විනාශයට පත් වීමෙන් අනතුරුව හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර එම දේපළ වෙනුවෙන් රුපියල් 88, ලක්ෂ 50000 ක වන්දියක් ගබා ගැනීමෙන් දූෂණ විරෝධී පනත යටතේ ගැනෙන වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් ය.
2023 වසරේ නොවැම්බර් 27 වැනිදා සිට 2024 වසරේ මැයි 29 වැනිදා දක්වා කාලය තුළ අදාළ වරද සිදුකර ඇති බව අල්ලස් කොමිසම ගොණු කළ අධිචෝදනා වල සඳහන් ය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂට අමතරව අධිචෝදනා ගොණු කළ සෙසු විත්තිකරුවන් වන්නේ කොළඹ හානි පූර්ණ කාර්යාලයේ වැඩ බලන අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ සේපාලිකා සමන් කුමාරි, කීර්ති බණ්ඩාර කොටගම යන අයයි.
ඔවුන්ට එරෙහිව ගොනු කළ අධි චෝදනා සංඛ්‍යාව 10 කි.
නඩු විභාගයේදී සාක්ෂිකරුවන් 30 දෙනෙකු හා නඩු භාණ්ඩ 38ක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
