සූර්යවංශිට වෙනම ඇඳුම් මාරු කිරීමේ කාමරයක්..

වෛභව් සූර්යවංශිට එංගලන්ත තරගාවලියේදී වෙනම ඇඳුම් මාරු කිරීමේ කාමරයක්...

by Staff writer 25-06-2026 | 8:34 AM

COLOMBO (News 1st) - තවමත් 15 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක වෛභව් සූර්යවංශිට එංගලන්ත තරගාවලිය අතරතුර වෙනම ඇඳුම් මාරු කිරීමේ කාමරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සහ එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති අනුව වයස අවුරුදු 16ට අඩු ක්‍රීඩකයින්ට වැඩිහිටි ක්‍රීඩකයින්ගේ ඇඳුම් මාරු කිරීමේ කාමර භාවිතා කිරීම තහනම් කර තිබේ.

ඒ අනුව, සූර්යවංශිට සියලු ක්‍රීඩාංගණවලදී ඔහුටම වෙන්වූ පහසුකම් ලබාදීමට නියමිතයි.

ඒ වගේම, සූර්යවංශිගේ දෙමව්පියන්ට ද තරගාවලියේදී ඔහු සමග සිටීමට විශේෂ අවසරයක් මේ වනවිටත් ලැබී තිබේ.

කෙසේ වෙතත් තරගය අතරතුර ඔහුට ඉන්දීය කණ්ඩායමේ ඇඳුම් මාරු කිරීමේ කාමරයට ඇතුළු වීමටත්, කණ්ඩායම් සාකච්ඡාවලට සහභාගී වීමටත් අවසර හිමි වන අතර, මෙම සීමාව බලපාන්නේ තරගයට පෙර සහ තරගයෙන් පසු ඇඳුම් මාරු කරන අවස්ථාවලදී පමණක් බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දී කණ්ඩායමේ අයර්ලන්ත T20 තරගාවලිය හෙට(26) ආරම්භ වන අතර එංගලන්ත තරගාවලිය ජූලි 1 වැනිදා ආරම්භ වීමට නියමිතයි.