.webp)

ඒ මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ඉදිරියේ අද යළි කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පළමු වරට පෙනී සිටිමින්.
නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිට්ටඹුව මූලස්ථාන පොලීසියෙන් විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව විමසා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධ සිදු කළ මුල් DNA පරීක්ෂණයට අදාළ වාර්තාව දැනටමත් ලැබී ඇති බවත්, දෙවන DNA පරීක්ෂණ වාර්තාව ලැබීමට නියමිත බවත් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන මෙහිදී ප්‍රකාශ කළේය.
පොලිසිය වැඩිදුර පෙන්වා දුන්නේ විමර්ශනවලට අදාළව සැකකාර හිමිනමගේ, වින්දිත දැරියගේ සහ වින්දිත දැරියගේ මවගේ ජංගම දුරකතන සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා ලබාගෙන දැනටමත් අධිකරණයට භාර දී ඇති බවයි.ෙ
හේමරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සඳහන් කළේ, මෙම සිද්ධිය තවමත් විමර්ශන අවධියේ පවතින නිසා විශේෂ කරුණු දැක්වීමක් සිදුකිරීමට තමන් අපේක්ෂා නොකරන බවයි.
කරුණු සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාළව නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙසට නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කරමින්, නඩුව එළැඹෙන අගෝස්තු 21 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.
