IMF නියෝජිත පිරිස අද විශේෂ සාකච්ඡාවල

IMF නියෝජිත පිරිස අද අමාත්‍යාංශ කිහිපයක නිලධාරීන් හමුවෙයි...

by Staff writer 26-06-2026 | 9:26 AM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද, විදුලි බල අමාත්‍යාංශය , ග්‍රාමිය සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හමුවීමට නියමිතව තිබේ.

මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ, මෙරට ආර්ථික අභියෝග සහ වත්මන් තත්වය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරනු ඇති බවයි.

එය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  7 වැනි සමාලෝචනයට පෙර පවත්වන සාකච්ඡා වටය බව, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙරට රැඳී සිටින කාලසීමාවේදී ඔවුන්, මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් විශ්ලේෂණයක නිරත වනු ඇති.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සහ රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරින් අතර ප්‍රගති සමාලෝචන රැස්වීමක්, ඊයේ (25) පැවැත්විණි.