.webp)

පොලීසිය පැවසුවේ, කොළඹ සිට බදුල්ල බලා ධාවනයවූ ලංගම බස් රථයක් අද(27) අළුයම 12.50 ට පමණ එලෙස අනතුරට ලක්ව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූවන් දියතලාව රෝහලට ඇතුලත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
මෙම අනතුරත් සමග ගතවූ පැය 24 තුල සිදුවූ බස් රථ අනතුරුවලින් තුවාල ලැබූ පිරිස 78 ක්.
ගන්දර, තලල්ල ප්‍රදේශයේදී ඊයේ(26) බස්රථ දෙකක් එකිනෙක ගැටිමෙන් පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලැබී ය.
