ජනපති ලබන 16 වැනිදා ප්‍රංශයට

ජනපති ලබන 16 වැනිදා නිල සංචාරයක් සඳහා ප්‍රංශයට

by Staff writer 28-06-2026 | 8:15 AM

COLOMBO(News1st) - ජනාධිපති අනුර කුමාර දිසානායක, ලබන මස 16 වැනිදා නිල සංචාරයක් සදහා ප්‍රංශය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ප්‍රංශ රජයේ ආරාධනයකට අනූව ජනාධිපතිවරයා, එම සංචාරයේ නිරත වන බවයි.

ජනාධිපතිවරයා එම සංචාරයේදී එරට ජනාධිපතිවරයා ඇතුලු ප්‍රධාන පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් හමුවීමට නියමිතව තිබේ.

එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ප්‍රංශ ආයෝජන ආකර්ශනය කරගැනීම පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති.