දිස්ත්‍රික්ක 3කට උණුසුම් කාලගුණය පිළිබඳ නිවේදනයක්

දිස්ත්‍රික්ක 3කට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදන

by Staff writer 09-07-2026 | 7:17 AM

COLOMBO(News1st) - දිස්ත්‍රික්ක 3කට අද(09) උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා එලෙස අවවාදාත්මක නිවේදන නිකුත් කළ බවයි.

ඒ සම්බන්ධව අවධානය යොමු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.