සුමති සම්මාන 2026

31 වැනි සුමති සම්මාන උළෙලේදී News 1st සහ සිරස TV සම්මාන රැසකින් පිදුම් ලබයි...

by Staff writer 16-07-2026 | 5:15 AM


COLOMBO (News 1st) - 31 වැනි සුමති සම්මාන උළෙල කොළඹදී අතිඋත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

එහිදී,, News 1st හා සිරස Tv සම්මාන රැසකින් පිදුම් ලැබීය.

31 වන සුමති සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 2025 වසරේ ටෙලි නිර්මාණ ඇගයීම වෙනුවෙන්.

කලා කරුවන් රැසක් උත්සවයට සහභාගී විය.

LOLC අනුග්‍රහයෙන් නිෂ්පාදය කළ "Save the Sri Lankan Leopard" වැඩසටහන වෙනුවෙන් එය අධ්‍යක්ෂණය කළ News 1st හි කසුන් උදයංගආරච්චි වසරේ හොඳම රූපවාහිනි වාර්තා වැඩසටහනට හිමි සම්මානය දිනාගත්තේ ය.

මෙවර සම්මාන උළෙලේ ඩිජිටල් මාධ්‍ය වැඩසටහන් අංශයේ කුසලතා සම්මාන දෙකක් හිමි කර ගැනීමට සිරස TV ඩිජිටල් අංශය සමත් විය.

සිරස TV ඩිජිටල් ඔස්සේ ලොවක් වැළඳගත් සුරිදුට කතරගම වැඩසටහන නිර්මාණය කළ ඩිජිටල් විශේෂාංගය වන තින්නෝරු පූජාව සහ ලෝක ළමා දිනය වෙනුවෙන් සිරස TV ඩිජිටල් අංශය නිර්මාණය කළ ලංකාවේ ලස්සනම ඉස්කොලේට ගිය ආදරනීය ගමන - ටිකිරි සිනහවක් විශේෂාංගයට එම කුසලතා සම්මාන හිමි විය.

වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදක සම්මානය News 1st හි සනෝජ් මුතුමාල් දිනාගත්තේ ය.

අකිල ධනුද්දර මෙවර සුමති සම්මාන උළෙලේ වසරේ ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනාගත් අතර දුශේණි මියුරංගි වසරේ ජනප්‍රිය නිළියට හිමි සම්මානය දිනාගත්තා ය.

31වන සුමති සම්මාන උළෙලේදී ජීවිතයේ එක් වරක් පමණක් පිරිනමන සුමතිපාල අනුස්මරන සම්මාන ද්විත්වයක් පිරිනැමිණි.

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනි සුවනිතා වීරසිංහට සහා ප්‍රවීන සංගීතවේදි ආචාර්ය එඩ්වඩ් ජයකොඩිට එම සම්මාන ද්විත්යෙන් පිදුම් ලැබීය.

තවත් කාණ්ඩ රැසක් ටෙලි නිර්මාණකරුවන් මෙහිදී ඇගයීමට ලක් වූ අතර කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.