දෙවුන්දර නිවසකට වෙඩි තැබීමක්

දෙවුන්දර නිවසකට වෙඩි තැබීමක්

by Staff writer 22-07-2026 | 8:03 AM

COLOMBO (News1st) - දෙවුන්දර නිවසකට ඊයේ රාත්‍රී වෙඩි තැබීමක් සිදු කර තිබේ.

පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රී 10ට පමණ වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

ප්‍රහාරය එල්ල වෙන අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් සිට නොමැති බව ද සඳහන් ය.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර ඇතැයි දැනට සැකකරන බව පොලිසිය පැවසුවේ ය.

සිද්ධිය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි.