ප්‍රදේශ කිහිපයකට නායයාමේ රතු නිවේදන...

ප්‍රදේශ කිහිපයකට නායයාමේ රතු නිවේදන...

by Staff writer 03-08-2026 | 2:56 PM

COLOMBO(News1st) - දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළය සහ පස්බාගේ කෝරළය,  කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට , නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් යන ප්‍රදේශ සඳහා එලෙස නායයාම් රතු නිවේදන නිකුත් කර ඇති බවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩපළාත, දෙල්තොට, මැදදුම්බර සහ පන්විල, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, අරණායක සහ දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ: කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර සහ නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, රත්නපුර සහ ඉඹුල්ප යන ප්‍රදේශ සඳහා අවදානයෙන් සිටින්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.