වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන්19,592ක් මිලට ගනී

සති තුනක කාලයක් තුළ වී මෙට්‍රික් ටොන් 19,592ක් මිලදී ගැනීමට පියවර

by Staff writer 07-08-2026 | 8:40 AM

COLOMBO (News 1st) -  සති තුනක කාලයක් තුළ වී මෙට්‍රික් ටොන් 19,592ක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.

මුලතිව්, අම්පාර, අනුරාධපුර, මඩකලපුව, හම්බන්තොට, මුලතිව්, කුරුණෑගල, මාතලේ, මොණරාගල, වව්නියා, රත්නපුර, ත්‍රිකුණාමලය හා කිලිනොච්චි  දිස්ත්‍රික්කවලින් වී මිළදී ගෙන තිබේ.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පැවසුවේ, මධ්‍යස්ථාන 71ක් මගින් වී මිලදි ගැනීම සිදුවන බවයි.

නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කට, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කට සහ කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 140ක මිලකට රජය විසින් මිලදී ගැනීම සිදු කරනු ලැබේ.