.webp)

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ අද පෙරවරුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 488ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් ද විභාග කටයුතු සඳහා ක්‍රියාත්මක වන බවයි.
ශිෂ්‍යත්ව විභාගය පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිත බැවින්, සියලුම සිසුන් විභාගය ආරම්භ වීමට පැයකට පෙර තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ ය.
