.webp)

පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු නිවසක සිටි අයෙකුට එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේ ය.
40 හැවිරිදි ඔහු, රාගම පදිංචිකරුවෙකි.
වෙඩි තැබීම සදහා රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් යොදා ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.
