මා ඔයේ ගිලී තරුණයෙකු මරුට..

මා ඔයේ ගිලී තරුණයෙකු මරුට..

by Staff writer 16-08-2026 | 2:32 PM

COLOMBO(News1st) - මීරිගම මදුරුපිටිය ප්‍රදේශයෙන් මා ඔයේ ගිලී තරුණයෙකු මියගොස්, තවත් අයෙකු අතුරුදන්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, පිරිසක් සමග දියනෑමට ගිය අවස්ථාවේ ඔවුන් එම අනතුරට මුහුණපා ඇති බවයි.

මියගොස් ඇත්තේ, 19 හැවිරිදි මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ප්‍රදේශවාසීන් විසින් මුදා ගත් තවත් අයෙකු දඹදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.

අතුරුදන්වූ තරුණයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.