අතුරුගිරියේ වෙඩි තැබීමක්..

අතුරුගිරියේ වෙඩි තැබීමක්..

by Staff writer 17-08-2026 | 10:31 PM

COLOMBO(News1st) -  අතුරුගිරිය , හබරකඩ සීලාලංකාර මාවත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි.

වෙඩි වැදිමෙන් තුවාල ලබා ඇත්තේ 29 හැවිදිරි හෝටල් සේවකයෙක්.