එල් නිනෝ අවදානම හමුවේ, නළ ලිං ව්‍යාපෘතියක්..

එල් නිනෝ අවදානම හමුවේ ජල සම්පාදන මණ්ඩලයෙන් නළ ලිං ව්‍යාපෘතියක්..

by Staff writer 20-08-2026 | 7:59 AM

COLOMBO (News 1st) - භූගත ජලය ලබා ගැනීම සඳහා නළ ලිං කැණිමේ ව්‍යාපෘතියක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ආරම්භ කර තිබේ.

එහි සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර පැවසුවේ, එල් නිනෝ තත්ත්වයත්, ඇතිවිය හැකි අධික වියළි කාලගුණය සමග ගංගා සහ ජලාශවලින් ලබා ගන්නා ජලය සීමා කිරීමක් සිදුවුවහොත් ඊට පියවර එම ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි.

නිවුස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් සභාපතිවරයා පැවසුවේ, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජලය ලබා ගන්නා ජලාශවල ජල ධාරිතාව මේ වන විට 55% මට්ටමක පවතින බවයි.