දෙල්ගොඩ අනතුරකින් දැරියක් ඇතුළු තිදෙනෙකු මරුට

දෙල්ගොඩ අනතුරකින් දැරියක් ඇතුළු තිදෙනෙකු මරුට,තවත් තිදෙනෙකුට තුවාල...

by Staff writer 20-08-2026 | 11:41 AM

COLOMBO (News 1st) - මීගහවත්ත, නව මහනුවර මාර්ගයේ දෙල්ගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දැරියක් ඇතුළු තුන් දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ අනතුරින් තවත් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

බියගම සිට දෙල්ගොඩ දක්වා ධාවනය කළ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුවිය.

අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කළ 69 හැවිරිදි කුලී රථ රියදුරු, 39 හැවිරිදි කාන්තාවක් හා 7 හැවිරිදි කුඩා දැරියකි.

බරපතල තුවාල ලැබූ ඔවුන් උඩුපිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.