.webp)

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පැවසුවේ, ලද තොරතුරකට අනුව එම රූපලාවන්‍ය ආයතනය වටලා සිදුකළ පරීක්ෂාවකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
එහිදී මාතර වෙලේගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් 2Kg 45gක් සහ අයිස් මත්ද්‍රව්‍ය 50gක් සොයාගෙන තිබේ.
ඔහුගේ 26 හැවිරිදි බිරිඳ සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06ක් ද සොයාගත් බව පොලීසිය පැවසීය.
මීට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් හයලක්ෂ විසිපන්දහසක මුදලක්, ඉලෙක්ට්‍රොනික තරාදි දෙකක් සහ ජංගම දුරකථන හතරක් ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේය.
සැකකාර අඹුසැමි යුවල හෙට(27) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
