බන්ධනාගාර රැඳවියන්ගෙන් 70%කට මත්ද්‍රව්‍ය චෝදනා...

බන්ධනාගාර රැඳවියන්ගෙන් 70%කට මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා... - අමාත්‍ය ආනන්ද විජේපාල

by Staff writer 07-09-2026 | 8:34 AM

COLOMBO (News 1st) - බන්ධනාගාර ගතකර සිටින රැඳවියන්ගෙන් 70%කට පමණ, මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, එම චෝදනා සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් සංඛ්‍යාව හතලිස් දහසක් පමණ වන බවයි.

කොළඹ නගරයේ පාසල් තුළ මෙන්ම ගම්බද පාසල් තුළටද මත්පෙති ව්‍යාප්ත වී ඇතැයි, ඔහු සඳහන් කළේ ය.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ, පාසල තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.

කොබෙයිගනේ ජාතික පාසලේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ අදහස් දැක්විය.