හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට...

හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට පැමිණෙයි.

by Staff writer 10-09-2026 | 11:43 AM

COLOMBO(News1st) - හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට අද පෙරවරුවේ පැමිණියහ.

ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ කැඳවීමක් අනුව, හිටපු ගුවන් හමුදාපතිවරයා එහි පැමිණියේ ය.