නාමල්ගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශ ගනී

ක්‍රිෂ් සමාගමෙන් අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින නාමල්ගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශ ගනී

by Staff writer 26-09-2026 | 6:42 PM

COLOMBO(News1st) - අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරින් අද(26) වැලිකඩ බන්ධනාගාරයට ගොස් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

ඒ , ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට අදාළවයි.

දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින නිමල් පෙරේරා නැමැත්තා හරහා එම අල්ලස් මුදල ලබා ගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

ඊට සම්බන්ධ බව කියන ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකාවක් වන ජානකි සිරිවර්ධන පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.