ධනංජය ටෙස්ට් නායකත්වයට සමුදෙයි...

ධනංජය ද සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි..

by Staff writer 08-10-2026 | 2:32 PM

COLOMBO (News 1st) - ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ බව ප්‍රකාශ කළේ නිවේදනයක් නිකුත් කරමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මෙම වගකීම මීළඟ පරම්පරාවට පැවරිය යුතු බව, ධනංජය ද සිල්වා ප්‍රකාශ කළ බවයි.

ඔහු තවදුරටත් ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.