ටෙස්ට් තරගාවලියේ ජය පාකිස්ථානයට

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය පාකිස්ථානයට

by Staff writer 20-11-2026 | 8:53 PM

COLOMBO(News1st) - ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම අද සමත් වුණි.

ඒ දෙරට අතර පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගනිමින්.

පාකිස්ථානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයේදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 98කට දැවී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 325ක්.

දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 316ක් රැස් කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 90ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායම තරගය ජයගත්තේ පන්දුවාර 13ක් තුළ කඩුලු 2ක් දැවී සිටියදී.

තරගාවලියේ පළමු තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.