තුන්කොන් සටනේ ශ්‍රී ලංකා - එංගලන්ත තරගය අද...

ජය කාටද? තුන්කොන් සටනේ ශ්‍රී ලංකා - එංගලන්ත තරගය අද...

by Staff writer 29-10-2026 | 10:02 AM

COLOMBO (News 1st) - පාකිස්ථාන, ශ්‍රී ලංකා සහ එංගලන්ත තුන් කොන් එක් දින ක්‍රිකට් තරගාවලියේ 6වැනි තරගය අද (29) පැවැත්වේ.

ඒ එංගලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතරයි.

ශ්‍රී ලංකා සහ පාකිස්ථාන කණ්ඩායම් මේ වන විටත් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා අවසන්.

මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි තරගය මෙයයි.

දෙරට අතර පැවති පළමු තරගය කඩුලු 2කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පාකිස්ථානයේ ලාහෝර්හිදී පැවැත්වෙන අද තරගය මෙරට වෙලාවෙන් පස්වරු 01.30ට ආරම්භ කිරීමට නියමිතයි.