.webp)
 (3)-626389.jpg)
ඒ, Meta සමාගම Facebook පරිශීලකයින් නොමග යවමින් ඔවුන්ගේ දත්ත අනවසරයෙන් බෙදා හැර ඇති බවට වූ නඩුවක තීන්දුව ප්රකාශයට පත් කරමිනි.
මාර්ක් සකර්බර්ග්ගේ Meta සමාගමට මෙතෙක් අධිකරණයකින් පනවා ඇති ඉහළම දඩ මුදල මෙය බව විදෙස් වාර්තාවල සඳහන්.
පරිශීලක දත්ත කිසිඳු විටෙක පරිශීලකයින්ගේ අවසරයකින් තොරව තෙවන පාර්ශවයන් සමග බෙදා නොගන්නා බවට වසර ගණනාවක සිට Meta සමාගමේ නිලධාරීන් විසින් කරන ලද ප්රකාශ උපුටා දක්වමින්, නිව් මෙක්සිකෝ ප්රාන්තයේ නීතිපති Meta සමාගමට එරෙහිව අදාළ නඩුව පවරා තිබිණි.
පරිශීලක දත්ත පාලනය කළ ආකාරය සම්බන්ධයෙන් Meta සමාගමේ වංකභාවය හේතුවෙන් නිව් මෙක්සිකෝ ප්රාන්තයේ මිලියන දෙකක් පමණ වූ සමස්ත ජනගහනය බලපෑමට ලක් වූ බව, නීතිඥයින් අධිකරණය හමුවේ ප්රකාශ කළේ ය.
Meta සමාගම ගෙවන දඩ මුදල ප්රාන්තයේ දරුවන්ගේ අධ්යාපනය සඳහා යෙදවීමටද අධිකරණය නියෝග කර තිබේ.
2018 වසරේ බ්රිතාන්ය උපදේශන සමාගමක් වන කේම්බ්රිජ් ඇනලටිකා විසින් මැතිවරණ වෙළෙඳ දැන්වීම් සඳහා Facebook පරිශීලකයින් මිලියන 87කගේ පෞද්ගලික දත්ත රැස් කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීමද මෙම නිව් මෙක්සිකෝ නඩුව පැවරීමට හේතු වූ බව විදෙස් වාර්තාවල සඳහන්.
