ශ්‍රීලනිප අභ්‍යන්තර අර්බුදකාරී පක්ෂයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තර අර්බුදකාරී පක්ෂයක් - මැතිවරණ කොමිෂන් සභාව

by Staff writer 06-11-2026 | 3:00 PM

COLOMBO(News1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තර අර්බුදකාරී පක්ෂයක් ලෙස හඳුනාගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිසම පැවසුවේ, එහි පාර්ශ්ව කිහිපයක් අද දිනයේ මැතිවරණ කොමිසමට කැඳවා ඒ සම්බන්ධයෙන් විමසූ බවයි.

ඊට දයාසිරි ජයසේකර ,නිමල් සිරිපාල ද සිල්වා ලසන්ත අලගියවන්න හා දුමින්ද දිසානයක යන පිරිස සහභාගී විය.

අභ්‍යන්තර අර්බුදකාරී තත්වයක් පවතින පක්ෂයකට ඉදිරි මැතිවරණයකට නාමා යෝජනා භාරදීමේ හැකියාවක් නැහැ.

අභ්‍යන්තර අර්බුදකාරී තත්වයක් පවතින පක්ෂයක් මැතිවරණයට නාම යෝජනා කැඳවූ අවස්ථාවක එහි නියෝජිතයින් මැතිවරණ කොමිසමට කැඳවා එම අර්බුදය විසඳා ගැනීමේ එකගතාවයකට පැමිණිය යුතු ය.

එහිදි අර්බුදය විසඳා ගැනීමට නොහැකි වුවහොත් අදාළ මැතිවරණය සඳහා එම පක්ෂයට නාම යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අහිමි වන බවද මැතිවරණ කොමිසම පැවසුවේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් ද ඉදිරියේදී අනුගමනය කරන්නේ එම ක්‍රියාවලිය බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.