ගාලු ධීවර වරායේ, බිහිසුණු ගින්නක්

ගාල්ල ධීවර වරායේ ගින්නකින් බෝට්ටු හතරකට හානි.

by Staff writer 08-11-2026 | 6:30 PM

COLOMBO(News1st) - ගාල්ල ධීවර වරායේ හටගත් ගින්නකින් බෝට්ටු 4 කට පමණ හානි සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ, මේ වන විට ගින්න පාලනය කර ඇති බවයි.

අද(08) පස්වරුවේ ධීවර වරායේ නඩත්තු අංගනයේ තිබූ එක් බෝට්ටුවක හටගත් ගින්න, සෙසු බෝට්ටු කරා ද ව්‍යාප්තව තිබුණි.

එය නිවා දැමීම සඳහා සේවා රථ දෙකක් යොදා ගත් බව, ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ය.

ගින්නට හේතුව, මෙතෙක් අනාවරණය වී නොමැත.