අනුරපුර පුදබිමේ කලකාරීව හැසිරුණු පිරිසට වුණ දේ....

අනුරාධපුර පූජා භූමියේදී කලහකාරීව හැසිරීම හේතුවෙන්, අත්අඩංගුවට ගත් බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්‍ෂූන් වහන්සේ සිව්නම සහ සිවිල් සැකකරුවන් තුන්දෙනා ලබන 26 වැනිදා දක්වා රිමාන්ඩ්.

by Staff writer 13-11-2026 | 9:06 AM

COLOMBO(News1st) - රුවන්වැලි සෑ පුදබිමේ කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු 07 දෙනෙකු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

කලහකාරි ලෙස හැසිරිම සහ  හිමිනමකට පහරදිම යන චෝදනා සම්බන්ධයෙන් අදාළ පිරිස ඊයේ(12) අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කස්සප හිමි ඇතුළුව හිමිවරුන් සිව් දෙනෙකු  සහ සිවිල් වැසියන් තුන්දෙනෙකි.

සිවිල් වැසියන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලීසිය සඳහන් කළේ ය.

අත්අඩංගුවට ගත් පිරිස මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

මේ අතර පහරකෑමට ලක්ව තුවාල ලැබු පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමි මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.